Saturday, February 5, 2022
ඉතාලියේ මිලානෝ ආසන දෙව්මැදුර ...
විශාලත්වයෙන් , රෝමයේ වතිකානු සාන්ත පේදුරු බැසිලිකාවට පමණක් දෙවැනි වන ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටා ඇති මිලානෝ ආසන දෙව්මැදුර ,භාග්‍යවත් මරියතුමියගේ උපත පිළිබඳ මෙට්‍රොපොලිටන් ආසන දෙව්මැදුර ලෙසින් හදුන්වයි. දෙව්මැදුරේ අභ්‍යන්තරය වර්ග මීටර 11,700 ක් වන අතර එය ප්‍රමාණයෙන් ලොව තෙවැනි දේවස්ථානය වේ.
වසර 1386 දී අගරදගුරු Antonio de 'Saluzzi ගේ යෝජනාවකට අනුව ඉදිකිරිම කටයුතු ආරම්භ වන දෙව්මැදුරේ කටයුතු සදහා එවකට මිලාන් ආදිපාදවරයා වන Gian Galeazzo Visconti මහත් සහායක් ලැබෙන ලදී .
මෙහි ඇති ප්‍රධානතම විශේෂත්වයක් වන්නේ , දෙව්මැදුරේ ඉදිකිරිම් කටයුතු සඳහා සාමාන්‍ය ගඩොල් වෙනුවට කැන්ඩොග්ලියා කිරිගරුඬ නමින් හදුන්වන විශේෂිත වූ පාෂාණ වර්ගයක් යොදාගැනීමයි.
මිලාන් ආසන දෙව්මැදුරේ ඉදිකිරීම් ඉතාලි ඉතිහාසයේ දීර්ඝතම ඉදිකිරීම් වලින් එකක් ලෙස සැලකේ. වසර 1387 දී කුළුණු වල අත්තිවාරම් දැමූ මොහොතේ සිට, 19 වන සියවස අවසානයේ, මුහුණත නිම කරන තෙක් , වසර 500 ක් පමණ ගතවී ඇති බව සැලකේ .
ප්‍රතිමා 3400 කින් සහ කුළුණු 135 කින් පමණ අලංකාරවත් වී ඇති දෙව්මැදුරේ ඉහලින්ම පිහිටා ඇති මරියතුමියගේ ප්‍රතිමාවට, පොලව මට්ටමේ සිට මීටර 108.5 පමණ වේ .
වසර 1387 සිටම මෙහි ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු වල වගකීම දරන Veneranda Fabbrica del Duomo di Milano සමාගම අදටත් මෙහි නඩත්තු කටයුතු සඳහා වසරකට පැය ලක්ෂයකටත් වැඩියෙන් යොදවන බව පැවසෙයි .
Subscribe to:
Post Comments (Atom)
ඉතාලියේ මිලානෝ ආසන දෙව්මැදුර ...
විශාලත්වයෙන් , රෝමයේ වතිකානු සාන්ත පේදුරු බැසිලිකාවට පමණක් දෙවැනි වන ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටා ඇති මිලානෝ ආසන දෙව්මැදුර ,භාග්‍යවත් මරියත...
No comments:
New comments are not allowed.